ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සනත් උත්පල වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සනත් උත්පල ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2020 සැප්තැම්බර් 09 වන දින වැඩ භාර ගන්නා ලදී.

නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් සනත් උත්පල ස්වේච්ජා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් උපුල් ද සිල්වා විසින් එම මූලස්ථානයේ ආඥාපති කාර්යාලයේදී ආඥාපති ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් සනත් උත්පල වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ස්වේච්ජා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි, ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.