ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි (M Ashraf Haidari) නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු ඉස්ලාමීය ජනරජයේ තානාපති, අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි (M Ashraf Haidari) අද (2020 සැප්තැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙම හමුවේදී ඇෆ්ගනිස්ථානු තානාපති විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඇති දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම සුහද හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ඇෆ්ගනිස්ථානු තානාපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.