බෝ නොවන රෝගයන්ගෙන් නාවික හමුදා පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ පුහුණු වැඩමුළුවක්

නාවික හමුදා පුද්ගලයින් බෝ නොවන රෝගයන්ගෙන් ආරක්‍ෂා කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘පුහුණු කරන්නන් පුහුණු කිරිමේ’ වැඩමුළුවක් 2020 සැප්තැම්බර් 16 වන දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාම සඳහා විධාන මට්ටමින් මෙම පුහුණු කිරීමේ වැඩසටහන පැවැත්වීම සඳහා එක් විධානයකින් නාවික පුද්ගලයින් 10දෙනෙකු ඇතුලත් වන පරිදි තෝරාගත් නාවික පුද්ගලයින් 70 දෙනෙකු මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී විය. සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණවේදී අංශයෙහි‍ හා වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි අංශ ප්‍රධානී සහ ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණවේදී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු කරන ලදි.

මෙම වැඩසටහන, නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධණය සඳහා හරවත් දේශණයකින් හා කණ්ඩායම් ක්‍රියාකාරකම් වලින් සමන්විත වූ අතර, කණ්ඩායම පුහුණු කිරීම මගින් ‍සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙනයාම උදෙසා පවත්වන ලද මෙම වැඩමුළුව ඉදිරියේදී නාවික විධාන මට්ටමින් පවත්වා සියළුම නාවික පුද්ගලයින් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අපේක්‍ෂා කෙරේ.