රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි.

ඒ අනුව, අභිනව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර අද (2020 සැප්තැම්බර් 20) උදෑසන නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආගමික වතාවත් වලින් අනතුරුව පැවති චාම් උත්සවයකින් පසු නව ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

එම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, චාන්දනී අතුකෝරළ, දියණියන් වන චේතනි සමරවීර සහ නිරුණි සමරවීර මෙන්ම ආදරණිය පියාණන් ද සහභාගි වී සිටියහ.