ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අති ගරු ඩේවිඩ් හෝලි මහතා 2020 සැප්තැම්බර් 24 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමු විය.

මෙම හමුවේදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.