ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනය 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 25 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

කැළණි ආයතනය අධිකාරියට පත්කොට වසර 13ක් සපිරීම නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නැව් මුළුව විසින් නාවික සම්ප්‍රදායන්ට හා ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවිධානය කරන ලද සංවත්සර උත්සවය 2020 සැප්තැම්බර් 25 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබුණි. ඒ අනුව, උදෑසන අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරි විසින් නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලද අතර, එයට සමගාමීව අණදෙන නිලධාරි ඇතුළු නැව් මුළුවේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද කටයුතු කරන ලදි.