වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග එම ධූරයෙන් විශ්‍රාම යාමට ප්‍රථම අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි රියර් අද්මිරාල් සමන්ත විමලතුංග නාවික හමුදාධිපතිතුමන් හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග හට සිය සුභාශිංසන පිරිනමන ලදි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.