ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) 2020 සැප්තැම්බර් 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර හමු විය.

එහිදී, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් අභිනව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් වැඩ භාරගත් රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත සිය සුභාශිංසන පිරිනමන ලද අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව කපිතාන් විකාස් සූඩ් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර සුහද පිළිසඳරක් ද පැවැත්විණි.

තවද, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.