රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක්

රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 03 වන දින 0800 පැයේ සිට 1700 පැය දක්වා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ අවශ්‍යතා ඉතා කාර්යක්‍ෂමව ඉටු කිරීම වෙනුවෙන් පවත්වනු ලබන මෙම ජංගම සේවාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කයේ පවත්වන ලද අතර, එහි දෙවන අදියර වශයෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වනු ලබන මෙම ජංගම සේවාව සඳහා සහභාගී වී අවශ්‍ය සේවාවන් ලබා ගන්නා ලෙස ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හට රණවිරු සේවා අධිකාරිය මඟින් ආරධනා කරනු ලබයි.