උතුරු සහ දකුණු වෙරළ තීරය නාවික හමුදා දායකත්වයෙන් පිරිසිදු කෙරේ

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් 2020 ඔක්තෝබර් 03 සහ 04 දෙදින තුල ක්‍රියාත්මක කෙරිණි.

මේ යටතේ උතුරු නාවික විධානය විසින් කන්කසන්තුරය වරාය ආශ්‍රිත වෙරළ තීරය, මාන්කුම්බාන් වෙරළ, මාවැලිතුරෙයි වෙරළ, කොවිලන් වෙරළ, මන්නඩි වෙරළ, වෙත්තලකේනි සහ කුසුමන්තුරෙයි යන වෙරළ තීරයන් පිරිසිදු කෙරිණි. දකුණු නාවික විධානය විසින් ගාල්ල ජාකොටුවැල්ල වෙරළ තීරය, තංගල්ල පරෙයිවැල්ල වෙරල තීරය සහ හම්බන්තොට නගරය ආශ්‍රිත වෙරල තීරය පිරිසිදු කිරීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් සිදු කෙරුණු මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මගින් වෙරළ තීරයන් මත විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය රැසක් ඉවත් කෙරුණු අතර. මේ සඳහා සහභාගී වූ නාවික පුද්ගලයින් කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වැඩසටහන් සඳහා සහභාගී වූහ.