නාවික හමුදා මැරීන් බලකායේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 54 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් 2020 නොවැම්බර් මස 24 දින ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී විසිර ගියහ.

සාම්පුර් හි පිහිටි මැරීන් පුහුණු පාසලේ මාස අටක් (08) පුරා පැවති මෙම හයවන මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ විසිර යාමේ සහ ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානයේ අඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා සහභාගී විය.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සියලු සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වනලද මෙම විසිර යාමේ සහ ලාංඡන පැළඳවීමේ උත්සවය සඳහා, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් කේජිඑන් රණවීර, පළමු මැරීන් බලකායේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ඩබ්ආර්එස් හරිස්චන්ද්‍ර, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පළමු මැරීන් බලඝණයේ පුහුණු කාර්ය මණ්ඩලය ඇතුලු සීමිත නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.