රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනියි

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා අද (2020 නොවැම්බර් 30) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

අද දින සිට විශ්‍රාම යනු ලබන රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ 55 වන උපන් දිනයද අද දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා වෙත උපන් දින සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන ලදි.

1987 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා, සිය සේවා කාලය තුල, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ආදී ප්‍රමුඛ නිලතලද දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.