ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, එරික් ලැවටු මහතා (Eric LAVERTU) 2020 දෙසැම්බර් 01 දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා හමු විය.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම හමුව සනිටුහන් කරමින් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.