ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරිය සහ ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් 2020 දෙසැම්බර් 31 වන දින සහ අද (2021 ජනවාරි 01) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම කොළඹ ගාලු මුවදොරදී සහ ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදු කෙරිණි.

ඒ අනුව, ඉදිරි මාස 03 ක කාලසීමාවක් මෙම චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ හා ආචාර සමාචාර සිදු කිරීමේ රාජකාරීන් ශ්‍රී ලංකා‍ නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අතර, මෙම විශේෂ රාජකාරීන් අධීක්‍ෂණය ශ්‍රී ලංකා‍ නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් ඉන්දික ගුණවර්ධන විසින් සිදු කෙරෙනු ඇත.