වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න අද (2021 පෙබරවාරි 15) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ඩීකේපී දසනායක විසින් ශ්‍රී ලංනානෞ භරණ ආයතනයෙහි පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වෙත භාර දීම සිදු කෙරිණි. වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු කරන ලදි.

නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් වයඹ නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානයේ ආඥාපති වශයෙන් රාජකාරි කළ රියර් අද්මිරාල් ඩීකේපී දසනායක වෙත නිලධාරීන් විසින් සුභපැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් වයඹ නාවික විධානය වෙතින් සමුදීමට කටයුතු කෙරිණි.