රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද (2021 පෙබරවාරි 15) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් කටයුතු කරන ලදි. සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නැගෙනහිර නාවික විධානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත භාර දීම සිදු කරන ලදි.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කෙරිණි.