නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදාධිපති හමුවෙයි

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමෙන් පසු, අද (2021 පෙබරවාරි 16) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ධූරයෙහි කටයුතු කරන අතරතුර, 2021 ජනවාරි මස 15 දින සිට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරන ලදි.

ඒ අනුව, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මින් ඉදිරියට නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයෙහි රාජකාරීන් සිදු කරනු ඇත.