හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ අභිනව ධාතු මන්දිරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

මුල්ලේරියාව, හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම අද (2021 අප්‍රේල් 02) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

හිඹුටාන ශ්‍රී අභිනවාරාමාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර පූජ්‍ය ඇල්වල බුද්ධසිරි හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ දීර්ඝ කාලයක් අඩුපාඩුවක්ව පැවති මෙම ධාතු මන්දිරයේ ඉදිකිරීම් කටයුතු නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කර මෙලෙස විවෘත කෙරිණි. නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම සමාජ සත්තාරක සේවාව සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත මෙහිදී ප්‍රසංශාව පල කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ.