ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 72 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 43 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 29 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 27.3 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 අප්‍රේල් 07) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කිරීම වෙනුවෙන් නාවික සහන පදනම මගින් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලද අතර, ජ්‍යේෂ්ඨ නාවිකයින් 3567 දෙනෙකු සඳහා සහ කනිෂ්ඨ නාවිකයින් 139 දෙනෙකු සඳහා මේ වන විට මෙම ණය මුදල ලබා දීම සිදු කර ඇත. එසේම, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 2010 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.