දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ අද (2021 අප්‍රේල් 27) දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රධායානුකූලව දකුණු නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත භාර දීම සිදු කෙරිණි

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත දකුණු නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.