වැලිසර නාවික මහ රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කෙරේ

නාවික පුද්ගලයින්ගේ දුදරුවන්ගේ වෛද්‍ය පහසුකම් නංවාලනුවස් වැලිසර නාවික මහ රෝහලෙහි අලුතින් ඉදිකරන ලද ළමා වාට්ටුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් අද (2021 මැයි 14) දින එම රෝහල් පරිශ්‍රයේදී විවෘත කිරීමට කටයුතු කෙරිණි.

මෙම වැලිසර නාවික මහ රෝහලෙහි අලුතින් ඉදිකරන ලද ළමා වාට්ටුව විවෘත කිරීමේ අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී දිළිණි වෑවිට මැතිණිය, බටහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන, රියර් අද්මිරාල් ඒයුසී ද සිල්වා, නාවික හමුදා සේවා වනිතා විධායක කමිටු සාමාජිකා වන අයෝනි වෑවිට මැතිණිය සහ සේවා වනිතා සාමාජිකා ශ්‍යාමා සිල්වා මැතිණිය, වැ/බ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය කොමදෝරු පීජේබී මාරඹේ, කොමදෝරු සෞඛ්‍ය අධිකාරී (බ) වෛද්‍ය කොමදෝරු චින්තක විජේදාස, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරි කොමදෝරු යුඑස් සෙනෙවිරත්න, ධජ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරිනියන්, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වන ලදි.