නාලන්දා විද්‍යාලීය 85 වසර ආදි ශිෂ්‍ය සංගමයෙන් බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට පරිත්‍යාගයක්

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය භාණ්ඩ තොගයක් කොළඹ නාලන්දා විද්‍යාලීය 1985 වසර ආදි ශිෂ්‍ය සංගමය මගින් දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත පරිත්‍යාග කිරීම 2021 ජුනි 03 වන දින දකුණු නාවික විධාන මුලස්ථානයේ දි සිදු කෙරිණි.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් බූස්ස නාවික හමුදා කඳවුර තුළ නාවික හමුදාව විසින් 2021 මැයි මස 04 වන දින මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කරන ලදී. ඒ අනුව, මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය කරනු ලබන මෙට්ට 50ක්, කොට්ට සහ කොට්ට උර 200ක් පරිත්‍යාග කිරීම කොළඹ නාලන්දා විද්‍යාලයේ 1985 වසර ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයේ 1985 වසර ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සහ දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු හරින්ද්‍ර ඒකනායක ඇතුළු සීමිත පිරිසක් සහභාගි වී සිටියහ.