ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩභාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2021 ජුනි 14) වැඩ භාර ගන්නා ලද අතර, එම වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ස්වේච්ජා නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සනත් උත්පල විසින් එම මුලස්ථානයේ දී ආඥාපති ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත භාර දීම සිදු කෙරිණි. එම අවස්ථාවෙන් පසුව ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති නාවික හමුදාධිපති හමුවීම සිදු විය.

තවද, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති තනතුරට අමතරව බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන්ද තවදුරටත් කටයුතු කරනු ලබයි.