නාවික හමුදා සේවා වනිතා එළවළු සහ පළතුරු අලෙවි සැල ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පිහිටි සේවා වනිතා ගොඩනැගිලි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකරන ලද අභිනව එළවළු සහ පළතුරු අලෙවි සැල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් 2021 ජුනි මස 28 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

වර්තමානයේ පවතින කොවිඩ් 19 සෞඛ්‍ය අවධානම් තත්වය සැලකිල්ලට ගෙන බටහිර නාවික විධානයට අයත් නෞකා, ආයතන සහ වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ විවාහක නිවාසයන්හි පදිංචිව සිටින නාවික පුද්ගලයින් සඳහා අවශ්‍ය නැවුම් එළවළු සහ පළතුරු සේවා වනිතා ඒකකය වෙතින් මිලදීගෙන සහනදායී මිල ගණන් යටතේ අලෙවි කිරීමට කටයුතු කෙරෙමින් පවතී. මෙම කාර්යය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් නව මුහුණුවරකින් නැවුම් එළවළු සහ පළතුරු අලෙවි කිරීම සඳහා ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පිහිටි සේවා වනිතා ගොඩනැගිලි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකරන ලද නව නැවුම් එළවළු සහ පළතුරු අලෙවි සැල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් 2021 ජුනි මස 28 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් පැවති මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා ශ්‍යාමා සිල්වා මැතිණිය, නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරිනියන්, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටින ලදි.