ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල විවෘත කරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල 2021 ජුලි මස 07 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ සහභාගිත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් විවෘත කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා නිෂාණි ජයරත්න මැතිණිය, ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී සේවා වනිතා ව්‍යාපෘති කොමදෝරු සුජීව සෙනවිරත්න, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එන්එම්ජේඩී නිස්සංක හා එම මැතිණිය, ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් ඊජීටී හේමන්ත ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ කාර්යය මණ්ඩලය සහභාගී වන ලදී.