නාවික පර්යේෂණ ඒකකය ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි නව වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Bi- Annual Navy Journal) නව වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානි කපිතාන් ලසන්ත විතානගේ විසින් අද (2021 ජුලි 14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදී.

විවිධ විෂය ක්‍ෂ්ත්‍රයන් සම්බන්ධයෙන් නාවික පුද්ගලයන්ගේ විශ්ලේෂණාත්මක ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම මෙන්ම නාවික පුද්ගලයන් පර්යේෂණ නිබන්දන ලිවීම කෙරෙහි උනන්දු කරවීමත් ‘නාවික සඟරාව’ මගින් අපේක්‍ෂා කෙරේ.