වැලිසර නාවික මහ රෝහල වෙත ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල ප්‍රදානයක්

කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදානය කළ ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල (Oxygen concentrator unit) දෙකක් (02) වැලිසර නාවික මහ රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම අද (2021 සැප්තැම්බර් 11) නාවික හමුදා මුලස්ථානයේ දී සිදු කෙරිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාහි පදිංචි මිලින්ද (මෙල්) වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ පවුලේ පරිත්‍යාගයක් ලෙස ප්‍රදානය කරන ලද මෙම ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල, කොළඹ ඩිඑස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුන් වන රියර් අද්මිරාල් (විශ්‍රාමික) මෙරිල් වික්‍රමසිංහ, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ප්‍රසාද් අකුරන්තිලක, බුදප්‍රිය රාමනායක, සුසන්ත හීනටිගල, මංජුල සීලනාථකුරුප්පු සහ ප්‍රසන්න ධාතුනාරච්චි යන මහත්වරුන්ගේ සම්බන්ධිකරණයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වෙත සංකේතාත්මකව භාර දීම අද දින මෙලෙස සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා කොළඹ ඩිඑස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුන් වන රියර් අද්මිරාල් (විශ්‍රාමික) මෙරිල් වික්‍රමසිංහ, සුසන්ත හීනටිගල, මංජුල සීලනාථකුරුප්පු සහ ප්‍රසන්න ධාතුනාරච්චි යන මහත්වරුන් මෙන්ම නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය කොමදෝරු පිජේබි මාරබගේද සහභාගි වි සිටියහ.