වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි කොවිඩ් සහන අරමුදල මඟින් වැලිසර නාවික මහ රෝහල වෙත ප්‍රධානය කළ රෝගීන් නිරීක්‍ෂණ යන්ත්‍ර (Multi parameter monitor) දෙකක් (02) නාවික හමුදා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, කොමදෝරු පීජේබී මාරඹගේ වෙත භාර දීම 2021 සැප්තැම්බර් මස 22 දින නාවික හමුදා මුලස්ථානයේ දී සිදු කෙරිණි.

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි කොවිඩ් සහන අරමුදලෙහි ජෛව වෛද්‍ය ඉංජිනේරු, ජගත් හෙට්ටිආරච්චි මහතා විසින් වැලිසර නාවික මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ භාවිතය සඳහා ප්‍රධානය කළ රුපියල් මිලියනයකට වඩා අධික වටිනාකමින් යුත් මෙම රෝගීන් නිරීක්‍ෂණ යන්ත්‍ර ද්විත්වය හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන කොමාණ්ඩර් (විශ්‍රාමික) එල්පීකේ හේවගේ ගේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෙත ලබාදීම මෙලෙස 2021 සැප්තැම්බර් මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.