නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය කිළාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කෙරේ

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් යාපනය කිළාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කිරීම 2021 ඔක්තෝබර් මස 03 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

යාපනය අර්ධද්විපයේ කලපු ආශ්‍රිතව සිදුවන වෙරළ ඛාදනය වැළැක්විම අරමුණු කරගනිමින් උතුරු නාවික විධානය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කඩොලාන පැල 5000ක් රෝපණය කිරිමේ වැඩසටහන ආරම්භ කරමින් මෙලෙස යාපනය කිළාලි කලපුවේ සංකේථාත්මකව කඩොලාන පැළ 25 ක ප්‍රමාණයක් රෝපණය කිරීම 2021 ඔක්තෝබර් මස 03 වන දින උතුරු නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති කඩොලාන පැළ රෝපණය කිරීමේ අවස්ථාව සඳහා වෙත්තලකේණි නාවික ස්ථානගතකිරීමේ අණදෙන නිලධාරී ඇතුළු නාවිකයින් පිරිසක් සහභාගී වී සිටින ලදී.