නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය අර්ධද්විපයේ කලපු ආශ්‍රිතව කඩොලාන පැළ 5000ක් රෝපණය කරයි.

යාපනය අර්ධද්වීපයේ කලපුව ආශ්‍රිතව සිදුකළ කඩොලාන පැළ 5000ක් රෝපණය කිරීමේ වැඩසටහනේ අවසන් අධියර 2021 ඔක්තෝබර් මස 17 වන දින පොන්නාලේ කළපුවේදී උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ යාපනය අර්ධද්විපයේ කලපු ආශ්‍රිත වෙරළ සංරක්‍ෂණය අරමුණු කරගනිමින් උතුරු නාවික විධානය මඟින් මෙම කඩොලාන පැල 5000ක් රෝපණය කිරිමේ වැඩසටහන උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් 2021 ඔක්තෝබර් මස 03 වන දින යාපනය කිළාලි කලපුවේදී ආරම්භ කෙරිණි. ඒ අනුව සති දෙකක් පුරා සිදු කෙරුණු මෙම කඩොලාන පැල රෝපණය කිරිමේ වැඩසටහනේ අවසන් අධියර මෙලෙස 2021 ඔක්තෝබර් මස 17 වන දින පොන්නාලේ කළපුවේදී උතුරු නාවික විධානයේ ආඥාපති ගේ ප්‍රධානත්වයයෙන් සිදු කර එම ව්‍යාපෘතිය සාර්ථකව අවස්න් කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති කඩොලාන පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ අවසන් අධියර සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කේ මහේෂන් මහතා, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය අඥාපති කොමදෝරු සමන් පෙ‍රේරා, නාවික අණභාර නිලධාරී (දූපත්) සහ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ අණදෙන නිලධාරී කොමදෝරු හෙන්ස්ලි පීරිස්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් අනුර වීරසිංහ ඇතුළු උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් සීමිත පිරිසක් මෙන්ම ටෝකියෝ සිමෙන්ති ආයතනයේ සභාපති එස් ආර් ඥානම් මහතා සහ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් විවිධ ආයතන සහ සිවිල් සංවිධානයන්හි නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.