රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගිනිකොන නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද දින (2021 නොවැම්බර් මස 09) ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී නව ආඥාපති ලෙස වැඩ භාර ගත් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත නාවික සම්ප්‍රධායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාර පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

තවද, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගිනිකොන නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර නාවික හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම් වශයෙන් කටයුතු සිදු කරන ලදි.