71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 04 වන දින ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න ගේ මගපෙන්වීම යටතේ, මන්නාරම රෝහලේ පවත්නනා රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කෙරිණි. මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උතුරු මැද නාවික විධානයේ ආයතනයන්ට අයත් නාවික පුද්ගලයින් 165ක පමණ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය යූ පසිදු මධුරංග ප්‍රනාන්දු ඇතුළු මන්නාරම රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකගේ ද දායකත්වය ලබා දෙන ලදී.