ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න වැඩභාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2022 ජනවාරි මස 03 වන දින වැඩ භාර ගන්නා ලදී.

නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න ස්වේච්ජා නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් උපුල් ද සිල්වා විසින් එම මුලස්ථානයේ දී ආඥාපති ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න වෙත භාර දීම සිදු කෙරිණි.