නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

වැලිසර නාවික මහ රෝහල වෙත ප්‍රදානය කරන ලද ICU Ventilator යන්ත්‍රයක් සහ Digital BP Monitor යන්ත්‍ර දෙකක් (02) කොමාණ්ඩර් (විශ්‍රාමික) එල්පිකේ හේවගේ විසින් එම රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම අද (2022 ජනවාරි 05) නාවික හමුදා මුලස්ථානයේ දී සිදු කෙරිණි.

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි කොවිඩ් සහන අරමුදල හසුරුවනු ලබන ශ්‍රි ලාංකික ජීව වෛද්‍ය ඉංජිනේරු ජගත් හෙට්ටිආරච්චි මහතා විසින් නාවික මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යාගාරයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදානය කරන ලද මෙම වෛද්‍ය උපකරණ, කොමාණ්ඩර් (විශ්‍රාමික) එල්පිකේ හේවගේ ගේ සම්බන්ධීකරණයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වෙත සංකේතාත්මකව භාර දීම අද දින මෙලෙස නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා කොමදෝරු (වෛද්‍ය) පිජේබි මාරඹේ ද සහභාගි විය.