ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 09 වන දින උස්වැටකෙයියාව වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් සේනක සෙනවිරත්නගේ මඟ පෙන්වීම යටතේ 2022 වර්ෂයේ ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව සංවිධානය කර තිබූ මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන එම පුහුණු කඳවුර සඳහා සහභාගීවී සිටින නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් සිදු කෙරුණු අතර, මෙහිදී උස්වැටකෙයියාව වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලද අතර, මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාව ඉදිරියටත් දායකත්වය ලබා දෙනු ලබයි.