ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් 2022 ජනවාරි මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් හමුවිය.

මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇතුළු නියෝජිත පිරිස සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.