නාවික හමුදාව මඟින් පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 15 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ උත්තර ආයතන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම යටතේ සුරක්‍ෂිත ස්වාභාවික පරිසර පද්ධතියක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විවිධ පාරිසරික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මඟින් සංවිධානය කරන ලද මෙම පොල්පැළ රෝපණ වැඩසටහන යටතේ ශ්‍රීලංනානෞ උත්තර ආයතන පරිශ්‍රය තුළ පොල්පැළ 256ක ප්‍රමාණයක් රෝපණය කිරීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සංවිධානය කරන ලද මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා උතුරු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.