‘GRACE GIRLS’ HOME’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානය වෙත නාවික හමුදාවේ මූලිකත්වයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ‘Grace Girls’ Home’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානය වෙත ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නැගෙනහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් ගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 16 වන දින එම ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

සමාජීය සුභසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර දායකත්වය දක්වයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලියකු වන සේනක සෙනෙවිරත්න මහතාගේ මූල්‍යමය පරිත්‍යාගය මත ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේදී, ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ‘Grace Girls’ Home’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානයේ නේවාසික ළමුන් 41 දෙනෙකු සහ වැඩිහිටි පුද්ලයින් 11 දෙනෙකු වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කෙරුණු මෙම වැඩසටහන සඳහා නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගී වී සිටින ලදී.