ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පහසුකම් පුළුල් කරන ලද සේවා වනිතා සුභසාධක වෙළඳසැළ විවෘත කෙරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය ඉහළ නැංවීම පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේ සුභසාධක වෙළඳසැලේ ඉඩකඩ පුළුල් කරමින් නව මුහුණුවරකින් ඉදිකරන ලද සේවා වනිතා සුභසාධක වෙළඳසැල නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 16 වන දින විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අනූෂා දීප්ති රත්නායක මැතිණිය, ගිණිකොන නාවික විධනයේ නියෝජ්‍ය ආඥාපති අසංග රණසූරිය ඇතුළු මහානාග ආයතනයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් මෙන්ම සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ කාර්යය මණ්ඩලය සහභාගී වන ලදී.