රියර් අද්මිරාල් සමන් පෙරේරා නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

නාවික හමුදා දියත් විධානයේ නව ධජ නිලධාරී ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා 2022 ජනවාරි මස 20 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ, නාවික දියත් විධාන කාර්යාල‍යේදී වැඩ භාර ගන්නා ලදී.

රියර් අද්මිරාල් සමන් පෙරේරා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් නාවික දියත් විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, දියත් විධානයේ ධජ නිලධාරී වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සජිත් ගමගේ විසින් ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ පිහිටි නාවික දියත් විධාන කාර්යාලයේදී එම ධූරයේ රාජකාරී රියර් අද්මිරාල් සමන් පෙරේරා වෙත භාර දීම සිදු කෙරිණි. නාවික දියත් විධානයේ ධජ නිලධාරී ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් සමන් පෙරේරා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති වශයෙන් කටයුතු කරන ලදී.

රියර් අද්මිරාල් සජිත් ගමගේ වෙත දියත් විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කෙරිණි.