නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී

නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 21 වන දින ගාල්ල, වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව, දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සහ නිපුන යන ආයතනයන්ට අයත් නාවික පුද්ගලයින්ගේ සහ ප්‍රදේශයේ සිවිල් ප්‍රජාවගේ දායකත්වයෙන් සිදු කල මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, ගාල්ල දෙවට, ගාල්ල ධීවර වරාය පරිශ්‍රය, ගාල්ල කොටුව, දඩැල්ල සහ ගිංතොට මෝය ආශ්‍රිත ප්‍රදේශයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය එක් රැස් කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් සඳහා ඉදිරියටත් අවශ්‍ය දායකත්වය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.