‍‍‍‍මන්නාරම ප්‍රදේශය සහ එහි ජෛව විවිධත්වය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්

මන්නාරම ප්‍රදේශය, එහි ජෛව විවිධත්වය සහ සංක්‍රමණික පක්ෂීන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න මහතා විසින් 2022 පෙබරවාරී 05 වන දින උතුරුමැද නාවික විධානයේ ශ්‍රිලංනානෞ තම්මැන්නා ආයතනයේදී පවත්වන ලදී.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පාරිසරික දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු මෙන්ම, පරිණාමවාදී, ප්‍රවේණි විද්‍යාව සහ පක්‍ෂී විද්‍යාව සම්බන්ධ පර්යේෂණ විද්‍යාඥයෙකු හා පරිසරවේදියෙකු වන මහාචාර්ය සම්පත් සෙනවිරත්න මහතා විසින්, දිගු දුර සංක්‍රමණික පක්ෂීන් සඳහා මන්නාරම ප්‍රදේශයේ ඇති වැදගත්කම සහ දුර්ලභ පක්ෂි විශේෂ පිළිබදව ඔහුගේ පර්යේෂණයන්ගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එහිදී දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදි. තවද, මන්නාරම හා අවට වැලිපර ආශ්‍රිත පරිසරයෙහි වෙසෙන පක්ෂීන්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාව සිදුකරනු ලබන කාර්ය භාර්යය ඔහු විසින් ඇගයීමට ද කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිලන්ත හේවාවිතාරණ ඇතුළු එම විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටින ලදී.