ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස්, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) අද (2022 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමර් ෆාරුක් බුර්කි, ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස් ලෙස 2022 පෙබරවාරි 02 වන දින පත්වීමෙන් පසු නාවික හමුදාධිපති සමඟ පැවැත් වූ ප්‍රථම නිල හමුව ලෙස මෙය සනිටුහන් වූ අතර, නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස් වෙත නාවික හමුදාධිපති විසින් මෙහිදී සුභාශිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි.

මෙම නිළ හමුවේදී ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමර් ෆාරුක් බුර්කි සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු සහ ඉදිරියේ සිදුවීමට නියමිත නාවික හමුදාධිපතිවරයාගේ පකිස්තානු නිල සංචාරය පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණි.

එමෙන්ම, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ශෆ්ධාර් කාන් (Muhammad Safdar Khan) ද සහභාගී වී සිටින ලදී.