වැලිසර ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ
වැලිසර නාවික සංකිර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල අද (2022 මාර්තු 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතින් විවෘත කෙරිණි.
නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත නාවික හමුදාව සතු පිරිවැය උපයෝගි කර ගනිමින් ඉදිකරන ලද මෙම සය මහල් ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල නිවාස 12 කින් යුක්ත වන අතර, නවීන පහසුකම්වලින් සහ නිවසකට අවශ්‍ය ගෘහ භාණ්ඩ වලින් ද සමන්විත වේ.තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් පැලයක් රෝපණය කිරීමද එහිදී සිදු කරන ලදී.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කෙරුණු මෙම අවස්ථාව සදහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න සහ වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු එම්ජේආර්ආර් මැදගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.
















