ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහින්ද මහවත්ත වැඩ භාර ගනී

රියර් අද්මිරාල් මහින්ද මහවත්ත ගිනිකොන නාවික විධානයේ නව ආඥාපති වශයෙන් 2022 මාර්තු මස 04 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

ගිනිකොන නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් මහින්ද මහවත්ත අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් නාවික හමුදා මුලස්ථානයේ රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රධායානුකූලව ගිනිකොන නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් මහින්ද මහවත්ත වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වෙත ගිනිකොන නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.