ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු යුරි මැටේරියි (Yury Materiy) මහතා අද (2022 මාර්තු 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යුරි මැටේරියි මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවූ ප්‍රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිළ හමුවේදී නාවික හමුදාධිපති සහ රුසියානු තානාපති අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ හමුදා උපදේශක, කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksey A.Bondarev) ද සහභාගී වී සිටින ලදී.