ඇමරිකානු නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ හත් වන නෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රොබට් ටී ක්ලාක් (Reserve Deputy Commander, Seventh Fleet Rear Admiral Robert T. Clark) ඇතුළු නිලධාරීන් පිරිසක් අද (2022 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්වන මාණ්ඩලික සාකච්ඡා වාරය (03rd Navy to Navy Staff Talks SLN – USN) සඳහා සහභාගී වීමට පැමිණි ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ හත් වන කෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති ඇතුළු නිලධාරීන් පිරිස සහ නාවික හමුදාධිපති අතර මෙම නිල හමුවේදී ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වුණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ හත් වන කෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති ඇතුළු පැමිණ සිටි නියෝජිත පිරිස වෙත සමරු තිළිණ පිරිනැමීමටද කටයුතු කෙරිණි.