පානම රජයේ දෙමළ විද්‍යාලයට නාවික හමුදාවෙන් පරිගණකයක් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර දිනය නිමිත්තෙන් පානම රජයේ දෙමළ විද්‍යාලයේ සිසු දරුවන්ගේ භාවිතය සඳහා පරිගණකයක් ප්‍රදානය කිරීම 2022 මාර්තු මස 24 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මහින්ද මහවත්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දිවයිනේ පහසුකම් අඩු දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ අරමුදල් මඟින් මෙම පරිගණක ප්‍රදානය සිදු කෙරුණු අතර, පානම රජයේ දෙමළ විද්‍යාලයේ සිසු දරුවන්ගේ පරිගණක හැකියාව වැඩි දියුණු කිරීම උදෙසා නාවික හමුදාව සිදු කළ මෙම සමාජ සත්කාරය එම විද්‍යාලයේ විදුහල්පති ජි පරිමලකාන්දන් මහතා විසින් ඉතා අගය කර, නාවික හමුදාවට සිය ප්‍රශංසාව පල කර සිටින ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා පානම රජයේ දෙමළ විද්‍යාලයේ විදුහල්පති ඇතුළු සිසු දරුවන්, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වි සිටියහ.