''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 නාවික හමුදාව තුළ ක්‍රියාවට නංවයි

''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 වැඩසටහනේ සමාරම්භයට සමඟාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැළයක් රෝපණය කර, ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ගෙවතු වගා වැඩසටහන අද දින (2022 මාර්තු 29) ආරම්භ කරන ලදි.

දේශීය ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව දායක කර ගැනීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නංවන ''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 වැඩසටහනේ සමාරම්භය අද දින (2022 මාර්තු 29) සිදු කෙරිණි. ඒ අනුව එම වැඩසටහනට සමඟාමීව නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදාව තුළ මෙලෙස ගෙවතු වගා වැඩසටහන ක්‍රියාවට නැංවීම අද දින ආරම්භ කරන ලදී.