‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 මාර්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.

නාවික හමුදා පුද්ගලයින්ගේ කියවීමේ හා ලිවීමේ රුචිය වර්ධනය කිරීම මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඔප් නැංවීම සහ නාවික හමුදාවේ සාමාජ මෙහෙවර ව්‍යාපෘතීන් ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් සයුරුසර සඟරාව අර්ධ වාර්ශිකව ප්‍රකාශයට පත් කරනු ලබයි.

තවද, මෙවර කලාපය යටත් විජිත නිදහස පූර්ණ කල ආරක්‍ෂක නිදහස, ශ්‍රී ලංකාවේ රජවරුන් මෙහෙයවූ විදේශ ආක්‍රමණ, මළල ක්‍රීඩාවෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටවූ නාවික හමුදා කාන්තා ජවය ඇතුළු හරවත් ලිපි එකතුවක් සහ නාවික පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ නිර්මාණාත්මක ගද්‍ය, පද්‍ය, සිතුවම් සහ ඡායාරූප ඇතුලත් විචිත්‍රවත් ස්වතන්ත්‍ර නිර්මාණ එකතුවකින් සමන්විත වේ.